නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ඕවිටිගමුව මහා විද්‍යාලය

විශිෂ්ඨත්වය කරා පිය නගන අප පාසල දකුණු පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.
අප පාසල සමග අදහස් හුවමාරුවට සහ අප පාසලේ නවතම තොරතුරු භාහිර පාර්ශවයන්ට දැන ගැනීමට මෙම වෙබ් අඩවිය බෙහෙවින් උපකාර වනු ඇතැයි ම විශ්වාස කරමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
නියෝජ්‍ය විදුහල්පති,
ඕවිටිගමුව මහා විද්‍යාලය