දස දෙස පූජිත විරුවන් බිහිකළ
රුහුණේ දිදුළන තරුවක් සේ
ඕවිටිගමුවේ විදුහල් මෑණි සදා දිනේවා
සව් සිරිනී
නමදිමු හදබැති කුසුමෙන් ඔබ පා
සැනසෙමු නැළවෙමු ඔබ සෙවනේ
ඕවිටිගමුවේ විදුහල් මෑණි සදා දිනේවා
සව් සිරිනී
සිසුකැළ පොබයා විදුහුරු කරවා
නැණ බල වඩවා දිනේ දිනේ
ඕවිටිගමුවේ විදුහල් මෑණි සදා දිනේවා
සව් සිරිනී
ලොවම පතල වන වෙදගුරු පඩිවරු
සුරුවිරු සුරුවන් බිහිකරවා
රුහුණේ දිදුළන මිණි පහනක් සේ
දින දින වොරැදේ වොරැදේවා